iranama
ග්‍රහලොව සෙන්පති හා සටන්කාමී ග්‍රහයා ලෙස හඳුන්වන අඟහරු හෙවත් කුජ ග්‍රහයා වර්ෂ 2015 නොවැම්බර් මාසේ 3 වැනි අඟහරුවාදා දින උදේ 8-10ට බුධ ග්‍රහයාට හිමි කන්‍යා රාශි ගතවන අතර වර්ෂ 2015 දෙසැම්බර් 24 වැනි බ්‍රහස්පතින්දා උදේ පාන්දර 5.56ට නැවැත අඟහරු ග්‍රහයා තුලා රාශි ගතවෙයි. අඟහරු ග්‍රහයා කන්‍යා රාශිගත වීම ඔබට කෙසේ බලාපනවාද බලමු.මේ ග්රහමාරුව විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමි අයට හා කුම්භ ලග්න හිමි අයට අසුබ බැවින් කන්‍යා ලග්න හිමි අය හා කුම්භ ලග්න හිමියන් ඉතාම පරිස්සම් වීම ඉතා වැදගත්.
inShare
Mawbima, 2015-10-29 02:00:00
Read 1055 Times
ග්‍රහලොව සෙන්පති හා සටන්කාමී ග්‍රහයා ලෙස හඳුන්වන අඟහරු හෙවත් කුජ ග්‍රහයා වර්ෂ 2015 නොවැම්බර් මාසේ 3 වැනි අඟහරුවාදා දින උදේ 8-10ට බුධ ග්‍රහයාට හිමි කන්‍යා රාශි ගතවන අතර වර්ෂ 2015 දෙසැම්බර් 24 වැනි බ්‍රහස්පතින්දා උදේ පාන්දර 5.56ට නැවැත අඟහරු ග්‍රහයා තුලා රාශි ගතවෙයි. අඟහරු ග්‍රහයා කන්‍යා රාශිගත වීම ඔබට කෙසේ බලාපනවාද බලමු.
මේ ග්රහමාරුව විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමි අයට හා කුම්භ ලග්න හිමි අයට අසුබ බැවින් කන්‍යා ලග්න හිමි අය හා කුම්භ ලග්න හිමියන් ඉතාම පරිස්සම් වීම ඉතා වැදගත්.
කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නයට අඟහරු එන බැවින් මාරක ස්ථානය හිමි අඟහරුගේ ලග්නගතවීම නිසා අපල ගෙන දෙයි. තවද කන්‍යා ලග්න හිමි අය උපත ලබන විට මුල් අංශක 10 තුළ උපත ලබා ඇති නම් එවිට මුල් අංශක 10 හිමිවන නවාංශක නම් මකර, කුම්භ, මීන වෙයි. එවිට 22 වැනි දෙර්කාණාධිපති අඟහරුම වෙයි. එසේ වී ලග්න ගතවුණු අඟහරු කන්‍යා රාශිය වෙයි. මෙය ඉගෙන ගන්නා ළමයින්ට බාධා ගෙනදෙයි. වහා කේන්ති යෑම මතුවෙයි. බඩේ ආමාශගත රෝගී අයට තවත් අමාරු බව වැඩිවෙයි. හිතට සැනසීම අඩු වෙයි. නමුත් අඟහරු ග්‍රහයා බලවත් වී කේන්දරය තුළ සිටී නම් ඔබට යහපත උදාවෙයි. ඉගෙනීමට යහපත් වෙයි.
මිථුන ලග්නයෙන් උපන් ඔබට 4 වැන්නට අඟහරු පැමිණෙයි. මේ මඟින් ස්ථාන, නිවාස හා භූමි දෝෂ බලපානු ලබයි. වාහන අනතුරුවලින්ද ආරක්ෂා වන්න. හිතට දුක කලකිරීම මතුවෙයි. තරමක් හිතට සැනසීම නැති වෙයි.
කටක ලග්න ඔබට 3 වැන්නට අඟහරු පැමිණෙයි. අඟහරු ඔබට සුබ ග්‍රහයකු වෙයි. නමුත් සහෝදරයන් හට අගුණ, ඥාතීන්ට අගුණ බලපානු ලබයි. පපුවේ රෝග තිබෙන අය පරෙස්සම් විය යුතුය. අඟහරු කේන්දරයේ උපතින්ම බලවත් නම් වාසි වන දේ සිදුවෙයි. බලාපොරොත්තු ඉටුවෙයි.
සිංහ ලග්න ඔබට 2 වැන්නට අඟහරු එයි. සුබ ග්‍රහයකු වන අඟහරුගෙන් ඔබට ජය හිමි වෙයි. වියදම් පක්ෂය ඉහළ යයි. මුදල් නාස්ති වීමක් ඇති බැවින් කල්පනාවෙන් වැඩ කරන්න. කතාවේදී පරෙස්සම් වන්න. වාද විවාදවලට අසුබ කාලයකි. ඇස්වල දෝෂ හා ඇස්වල පීඩා වීමට ඇත. උගුරේ ආසාදන මතුවීමට ඉඩ ඇත. උෂ්ණ කෑමවලින් ආරක්ෂා වන්න.
කන්‍යා ලග්න හිමි ඔබට ලග්නයටම අඟහරු ග්‍රහයාගේ ඒම අගුණ බලපාන අතර ලග්න හිමි අයට අඟහරුගේ මහ දශාව හෝ අන්තර් දශාව විදසාව ලබා ඇති නම් බොහෝ අගුණ ගෙන දෙයි. රෝහල් ගතවීම් සැත්කම්වලට හේතු වන දේ සිදුවෙයි.
මොළය අවුල් වීම, පවුලේ ප්‍රශ්න මතුවීම තුවාල වීම ආදී බොහෝ කරුණුවලින් ආරක්ෂා විය යුතුවෙයි. නමුත් සුබ ග්‍රහ මහ දශා, අන්තර් දශා විදසාවක් ලබා ඇති නම් අගුණ බලපාන්නේ සුළු වශයෙනි. නැතිනම් අගුණ ඇති නොවීම කාලය ගෙවීයයි.
කුම්භ ලග්න හිමි අයට කන්‍යා රාශිගත වන අඟහරු ග්‍රහයා අටට පැමිණීම මාරක ස්ථාන ගතවීමකි. මේ අනුව අඟහරු මහ දශා, අන්තර් දශා, විදසා ලබා තිබීම නිසා කුම්භ ලග්න හිමි අයට විපත්, කරදර රෝගී වීම් ඇතිවන අතර සුබ ග්‍රහ දශාවක් ලබා ඇති නම් මේ ඉහත කී කරදරවලින් මිදී යහපත් ලෙස කාලය ගතවනු ඇත.
රාශි චක්‍රයේ මුල්ම රාශිය වන මේෂ ලග්න හිමි අයට 6 වැනි භාවය කන්‍යා රාශිය වෙයි. ඔබගේ කේන්දරයේ අඟහරු බලවත්ව සිටී නම් ඔබ උපත ලබන විටදී බොහෝ සුබ පල අත්වෙයි. සතුරන් ඇති වුවත් වහා සතුරු කරදර සංසිඳී යයි. ජය අත්වන දේට සුබයි. අසාධාරණ වීමකට ලක්වුණා නම් සාධාරණය ඉටුවෙයි. නමුත් ආමාශගත රෝග, බඩ ආශි‍්‍රත රෝග ආදියෙන් ආරක්ෂා වන්න.
වෘෂභ ලග්නයෙන් උපන් අයට 5 වැනි භාවය මාරක ස්ථානය හිමි වීම මත අපල බලපානු ඇත. බලවත්ම සුබ යෝගවලින් උපත ලබා ඇති අයට අගුණ වන්නේ නැත. සාමාන්‍ය ලෙස කාලය ගෙවීයයි.
තුලා ලග්න හිමි ඔබට 12 වැන්නට අඟහරුගේ පැමිණීම නිසා ගුණ අගුණ මිශ්‍රව ගෙන දෙයි. නමුත් කේන්දරයේ අසුබව සිටී නම් දශාව ලබා ඇති නම් කරදර හා වියදම් වීම, නීති ප්‍රශ්න පවා මතුවීමට ඉඩ ඇත.
රෝහල් ගතවීම්වලින්ද ආරක්ෂා වන්න. විදේශගත අයට බාධා වීම් හා විදේශගත වෙන්නට සිටින අයට බාධාවීම් ඇත. ඊට නියමිත පිළිවෙත් කරගන්න.
වෘශ්චික ලග්න හිමි අයට ලග්නාධිපති වන අඟහරු ග්‍රහයා 11 වැන්නට එම නිසා ආදායම් තත්ත්වයට බාධා කරයි. ලැබීම තරමක් අඩුවෙයි. නමුත් භූමියෙන් කරන වගා කටයුතුවලට සුබ වෙයි. වගා කරන අයට ගොවිතැන් කරන අයට යහපත් වෙයි.
හදිසි ධන ලාභද හිමි වීමට ඇති බැවින් ඒ සඳහා උනන්දු වන්න. ඔබගේ උපන් කේන්දරයේ අඟහරු ග්‍රහයා බලවත් වී ඇත්නම් තරමක් සහනයක් ගෙනදෙයි. එසේ නැති නම් දුර්වල වූ අඟහරු නිසා වියදම් පක්ෂය ඉහළ යන අතර ණයකාරයකු බිහිකරයි.
ධනු ලග්න හිමි ඔබට 10 වැන්නට අඟහරුගේ පැමිණීම මධ්‍යස්ථ ඵල උදාකරයි. රැකියාවේ බාධා, රහස් සතුරු කරදර හා රැකියා බලාපොරොත්තුවෙන් සිටන අයට බාධා පමුණුවයි. මේ මඟින් බේරීමට අසරණ අයට පිහිට වන්න. කතරගම හා විෂ්ණු දෙවියන්ට පූජා තබන්න. කේන්දරයේ අඟහරු හා බ්‍රහස්පති බලවත් අයට වාසනාව ළඟාවෙයි. ඔබ බුදුගුණ පිළිගන්නා බැවින් එහි ආශීර්වාදයද ලැබෙනු ඇත.
මකර ලග්නයෙන් උපන් ඔබට අඟහරුගේ පැමිණීම 9 වැන්න හෙවත් පුණ්‍යස්ථාන ගතවෙයි. මේ ග්‍රහ ගමන ඔබට ආගම ගැන භක්තිය අඩු කරයි. තමාගේ හිතේ ශක්තිය ගැනම සිතයි. විදේශ ගමන් යන්නට සිතන අයට බාධා මතුවෙයි. හිත කලකිරීම් ඇති වෙයි. තුනටියේ අමාරු හා දෙපාවල වේදනා හෝ ලේ විසවීම් තුවාල වැනි දේ ඇතිවීමට බලයි.
අඟහරු ග්‍රහයා කන්‍යා රාශිගත වීම අනුව කන්‍යා ලග්න හිමි අය හා කුම්භ ලග්න හිමි අයට අඟහරු මහ දශාව අන්තර් දශාව හෝ විදසාව ලැබීම අඟහරු කේන්දරයේ පීඩා වීම මත අපල බලපාන අතර යම් සහනයක් උදාවීමට බෝධි මළුව අතුගෑම හා බෝධි පූජා තැබීම, විෂ්ණු හා කතරගම දෙවියන්ට පූජා තැබීම, රතු මල් වට්ටි 7ක් කුඩා ප්‍රමාණයෙන් හෝ සකසා පූජා කිරීම, රතු නෙලුම් මල් 7ක් පූජා කිරීම, රතු රෙදි තමාගේ උසට පූජා කිරීම සුදුසුයි. කතරගම දෙවියන්ට මේ ලෙස පූජා තබා ගන්න. බුලත් උඩින් බෙලි කොළ 7ක් තබා පූජාව කතරගම දෙවියන්ට බාර කරන්න. යහපත සතුට හිමි වෙයි. අපල සමනය වෙයි.
Wmqgd .ekSu u